CCNA වලට RJ45 connector (UTP/STP cable තමයි මේකට connect කරන්නෙ.

CCNA පළමු පාඩම Basic Component of the Network

අපි Network එකක් නිර්මානය කිරීමේදී ඒකෙ මුලික අරමුන වෙන්නෙ Computer2 ක් හෝ ඊට වැඩි ගනණක් එකිනෙකට තොරතුරු (data) හුවමාරු කරගතහැකිවන පරිදි සැකසීමයි. ඒකට අපට ඕනවෙන උපාංග හා සාධකයන් තමයි අපි Basic Component of the Network කියල හදුන්වන්නෙ. දැන් අපි බලමු ඒව එකින්එක මොනවද කියල.

  • Transmission media
  • Connectors
  • NIC (Network Interface Card)
  • Protocols
  • Address
  • Hub / Switch
  • Modem
  • Router

මේ මුලික දේවල් කිහිපයක් හෝ සියල්ලම (අනිවාර්ය අංගද ඇතුලත්වගෙන අපිට Network එකක් නිර්මානය කරන්න පුළුවන්.

Transmission Media

Transmission media:Transmission media කියල මෙතන කියන්නෙ Network එක තුල ඇති Computer එකින් එකට සම්බන්ධ කරන්න ගන්න ප්‍රධානම දේ කියල කියල කියන්න පුළුවන්. Transmission media ප්‍රධාන වශයෙන් කොටස් 2කකට බෙදන්න පුළුවන්.

Media ගැන කතාකරද්දි අපිට CCNA වලට ගොඩක් වැදගත් වෙන්නෙ මේ එකඑක mediaවල ලක්ෂණ දැනගෙන    ඉන්න එකයි.

 විවිධCable වර්ග කිහිපයක්..

  • 10 Base 2: මේක Coaxial Cable එකක්. Thinnetකියලත් මේක‍ට කියනව මේ Cable එකෙන් උපරිම වශයෙන් 185m දුරට data ගෙනියන්න පුළුවන්.ඒ වගේම උපරිමdata ගෙනයාමෙ ‍වේගය වෙන්නෙ10Mbit/s. Coaxial Cable එක හරහා Network කිරීමේදී එමCable එක බෙදන්න ගන්න connectorඑකට BNC T-connector කියල කියනවඒ වගේම මේ Cable හරහා කරන්න පුළුවන් Half-duplex communication එකක්.

  • 10 Base 5:මේකත් Coaxial Cable එකක්ම තමයිමේකට thicknet කියලත් කියනව.මේ Cableඑකෙත් data ගෙනයාමෙ වේගය වෙන්නෙ 10Mbit/s.ඒ උනාට මේ Cable එක හරහා 500m දුරටdata transmit කරන්න පුළුවන්.
  • 10 Base T: මේ Cable (10 base T,100 Base TX,1000 Base T) තමයි සාමාන්‍යයෙන් Network වලට යොදා ගන්නෙ.  Twisted Pair Ethernet කියලත් මේකට කියනව.ඒ වගේම මේ Cable එක Full-duplex Communication වලට වගේම Half-dumplex Communication වලටත් යොදාගන්න පුළුවන්.මේ Cable එක හරහා 100m දුරට data ගෙනියන්න පුළුවන්. 10Mbit/s තමයි මේ cable එකේData transmission speed එක.

  • 100 Base TX:මේකට Fast Ethernet කියලත් කියනවමේ Cable එකත් 10 Base T එකත් අතර තියන වෙනස තමයි මේ Cable එකේ Data transmission speed එක 100Mbit/s වීම.
  • 1000  Base T:මේකට Gigabit Ethernet කියල කියනව.මේකෙ Data transmission speed එක1000Mbit/s (1 Gigabit per second) වෙනව.

Connectors (සම්බන්ධක/ පූට්ටුව අන්න ඒ වගේ එකක්)

CCNA වලට RJ45 connector (UTP/STP cable තමයි මේකට connect කරන්නෙ.) එක ගැන දැනගෙන හිටියනම් ඇති කියලයි මටනම් හිතෙන්නෙ.connector ගැන විතරක්ම‍ නෙමෙයි ඒකට Cable ගහන හැටිත් දැනගන්න ඕන. RJ45 connector එකට pin 8 ක්ති යෙනව.ඔන්න පින්තූරෙකුත් යට තියනව බලන්නකෝ.

Connectors

RJ45 connector එකටUTP/STP cable(දන්නවනේ මේ cable එක ඇතුලෙත් පොඩි වයර් 8ක් තිවයනව කියල) එකේ තියන වයර් සම්බන්ධ (wiring) කරන්නෙ අපි අපේ Network එකේ එකිනෙකට සමිබන්ධ කරන devices අනුවයි.දැන් අපිබලමු devices  මානවදයි ඒවට ගන්න cable මොනවදයි කියල.Network එකක devices ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියනව.

Router, Switch, Bridge, Hub

ඔය Router, Switch, Bridge, Hub ගැන දැන්මම හිතන්න යන්න එපා.ඒව වෙන මොනවහරි ලට්ට පට්ට ටිකක් කියල හිතාගන්නකෝ.පස්සෙ ඒව මොනවද කියල අපි බලමු.දැන් තමයි වෙලාව මේ එක එක devices එකින් එක සම්බන්ධ කරන්න ගන්න UTP/STP cable එක  RJ45 connector එකට කොහොමද සම්බන්ද කරන්නෙ කියල බලන්න.

මෙන්න ක්‍රමේ :

  1. Straight Cable: වෙනස් වෙනස් devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Non Mac devices වලට connect කරන්න.

traight Cable:

Straight Cable එකක් හදාගන්න UTP cable එක  RJ45 connector එකට සම්බන්ධ (wiring) කරන්නෙ මෙමහමයි. ආ තව එකක් cable එක  RJ45 connector එකට plug කරන්න ගන්න උපකරණයට(භාණ්ඩෙ) කියන්නෙ crimp tool එක කියල.ඔන්න ඒකෙත් පින්තුරයක් තියෙනව පහලින්.

Straight Cable

 

Straight Cable

දැන් බලන්න  එකේ pinවලට UTP cable එක ඇතුලෙ තියෙන පොඩි වයර් set කරන හැටි.ඔය උඩ තියෙන පොඩි වයර් මේ රූපෙ විදියට cable එකේ කෙළවරවල් 2ට RJ45 connector දාල crimp tool එකෙන් crimp කරගන්නව.

RJ45 connector

  • Crossover Cable:එකම ජාතියෙ devices එකින් එක සම්බන්ධ කරන්න තමයි මේ Cable එක පාවිච්චි කරන්නෙ. ඒ කියන්නෙ Mac devices Mac devices වලටත් Non Mac Devices Non Mac Devices වලටත් connect කරන්න.

Crossover Cable

Crossover Cable එක හදන්නේ UTP/STP Cable එකේ කෙළවරවල් 2ට රූප විදියට RJ45 connector වලට පිළිවලට කුඩා වයර් ඇතුලත් කරලයි. Crossover Cable එක හදද්දී ඒකෙ එක connector එකක 1 හා 2 pin වලට set වෙන වයර් අනිත් ළෙවරේ තියන connector එකේ 3 හා 6 pin වලටයි set වෙන්නෙ. ඒ වගේම තමයි අනිත් ළෙවරේ තියන connector එකේ 1 හා 2 pin ඉහත විදියටම විරුද්ද පැත්තෙ connector එකේ 3 6 pin වලට set වෙනව.

Crossover Cable

  • Rollover Cable: මේCable එකට Null Modem Cable කියලත් කියනව.මේ විදියට හදාගත්තු Cable එකක් අපි පාවිච්චි කරන්නෙ Router එකේ Console port එකයි අපේ computer එකේ serial port (com port) එකයි සම්බන්ධකරන්න. එහෙම connect කරගන්නෙ Router එකේ configuration වැඩ වලටයි. ඒ කියන්නෙ Router එක අපිට ඕන විදියට හැඩගස්සවාගන්න. කෙටියෙන් සිංහලෙන් කියනවනම් Setting කරන්න.පහත විදියට තමයි Rollover Cable එක RJ45 connector එකට set කරගන්නෙ

    Rollover Cable

    Rollover Cable

ඉතාම වැදගත්: පොඩි Network වලට ගන්න වෙළදපොලේ තියෙන එච්චර ගණන් නැති Switch,Router,Hub අපි කතාකරපු Cable ජාති පාවිච්චි කරල connect කරන්න ඕනෙ නෑ.ඔය සේරම ටික straight cable එකෙන් connect කරන්න පුළුවන්.අපි කතාකරපු Cable පාවිච්චි කරන්නෙ ලොකු ලොකු  Switch,Router,Hub හා Normal PC එකින් එක standard විදියට connect කරන්න. හරියටම කියනවනම් CISCO ල පිළිගත්තු උන්ගෙ විදියට කරන්න..

NIC (Network Interface Card)

NIC (Network Interface Card)

මේක ඉතින් මොකක්ද කියල කව්රුත් දන්නවනෙ. අර computer එකේ තියෙන network cable එක ගහන port එක තියෙන එකට තමයි මේ NIC කියන්නෙ.සමහර computer වල on board NIC තිනයනව සමහර ඒවගෙ separate තියෙනව ඒ වගේම තමයි එක එක connectors වලට ගන්න NIC ත් වෙනස් වෙනව. ඒ කිව්වෙ RJ45 connector එකට ගන්න NIC එක නෙමෙයි Fiber optic connect කරන්න ගන්නෙ. හැම NIC එකකටම එකිනෙකට වෙනස් (unique) MAC address එකක් තියෙනව.

Protocol

Protocol එකක් කියන්නෙ නීති රීති මාලාවකට.තේරුනේ නෑ . ඒ කියන්නෙ network එකක තියෙන computer 2ක් අතර data හුවමාරු කරනව කියමු.එතකොට එක  computer එකකින් යවන (sender) data තව computer එකකින් ලබාගන්න (receiver) නම් මේ  computer 2ම data යවන්නයි ලබාගන්නයි එකම නීති මාලාවක් පිළිපැද්දනම් හරිනේ.අන්න ඒ වගේ එකක් තමයි  Protocol එකක් කියන්නෙ.අපි  network එකක් config කරද්දි ඒකෙ තියෙන devices අතර communication කරන්නනම් හැම device එකක්ම ඒ ඒ service එක අනුව පාවිච්චි කරන්න ඕන ඒවටම වෙන්වුනු එකම Protocolඑකකුයි.මෙහෙම කිව්වොත් නියමෙටම තේරෙයි.. ඔන්න ‍සිංහළ කතාකරන මිනිහෙකුයි දෙමළ කතාකරන මිනිහෙකුයි ඉන්නව.දැන් සිංහළ කෙනාට කියන්න ඕන දෙමළ කෙනාට තෝ පල කියල. සිංහළ කෙනා ඕක සංහලෙන් දෙමල මිනිහට කිව්වට තේරෙන්නේ නෑනෙ.ඒක හින්ද දන්න ඉංග්‍රීසියෙන් කියනව get out කියල.ඔන්න එතකොට දෙමළ කෙනාට තේරෙනව සිංහළ එකා මෙච්චර වෙලාම කිව්වෙ මොකක්ද කියල.මෙතනදි ඉංග්‍රීසිය වගේ තමයි  network එකේදි Protocol එක පාවිච්චි කරන්නෙ….

Addresses

addresses අපි network එකක පාවිච්චි කරනනෙ unique ව devices අදුනගන්නයි. හරියට අපි ඉන්න තැන අනිත් අයගෙන් වෙන්කරල අදුනගන්න අපිට ලිපිනයක් තියනව වගෙයි.

address වර්ග 2ක් Network තුල පාවිච්චි කරනව.

  1. MAC Address: (Media Access Controller) මේක තමයි අපේ
    NIC  එකේ තියෙන්නෙ.මේ Address එක assign කරන්නෙ NIC එක හදන company එකෙන්මයි.ඒ හින්ද මේ Address එක අපිට වෙනස් කරන්න බෑ (බෑ කිව්වට කරන්නත් පුළුවන් මොනවද දැන් කරන්න බැරි.ඒත් ඉතින් එහෙම කරන එක හරිනෑනෙ නේද) මේ addresses එක හැදිල තියෙන්නෙ hexadecimal වලින් ඒ කිව්වෙ 16 පාදයෙන්.

     

    උදා: 0123.14b2.acb6
  2. IP Address: අපිට devices වලට assign කරන්න පළුවන් Address තමයි IP Address කියන්නෙ.

කර්තෘ: නුවන් චාමර දිසානායක (දිසා)
අධ්‍යාපනය ලත් : Bachelor of Information Technology (external degree) Colombo Campus

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *