ජීවීන් සතු ලක්ෂණ

ජීව විද්‍යාව පළමු වන ඒකකය

ජීවීන් සහ ජීව විද්‍යාව

ජීව විද්‍යාව යනු, ජීවීන් පිළිබඳව තර්කානුකූලව හැදෑරීමයි. ජීවය විග්‍රහ කිරීම් අසීරු වූවත් සියලුම ජීවීන්ට පොදු වූ අජීවී දේවල නොපවතින විශේෂ ලක්ෂණ කිහිපයක් ජීවීන් සතුව පවතී. එම නිසාම ජීවීන් අජීවී පරිසරයේ ඇති ද්‍රව්‍යවලින් පහසුවෙන් වෙන් කර හඳුනා ගත හැක.

ජීවීන් සතු ලක්ෂණ

1. ක්‍රමවත් බව හා සංවිධානය (Order and Organization)

සෑම ජීවීයෙක්ම තම ජීවිතය අරඹන්නේ තනි සෛලයක් ලෙසිනි. ජීවය අඛණ්ඩව පවත්වා ගැනීමට අවශ්‍ය තොරතුරු හා ද්‍රව්‍ය එය තුල පවතියි. සෛලය ජීවීන්ගේ ව්‍යුහයේ සහ ක්‍රියාකාරීත්වයේ ඒකකය යි. එක් සෛලයකට තමා වැනිම තවත් සෛලයක් සාදා ගැනීමට හැකියාව ඇත. සෛලය තුල මෙම තොරතුරු නිශ්චිත ක්‍රමයකට සංවිධානය වී පවතියි. තවද සෛලීය මට්ටමේ සිට ජෛව ගෝලය දක්වා ක්‍රමයෙන් සංකීර්ණ වන සංවිධාන මට්ටම් ජීවීන් තුල දැකිය හැක.

ජීවීන් සතු ලක්ෂණ

රූපය . සෛල සංවිධානය

2.පරිවෘත්තිය (Metabolism)

ජීවී දේහ තුළ නිරන්තරයෙන් සිදුවන සියලුම රසායනික ක්‍රියාවල එකතුව පරිවෘත්තිය ලෙස හැඳින්වේ. පරිවෘත්තිය ක්‍රියාත්මක වන්නේ ජීවී සෛල තුළ සිදුවන මනා ලෙස සංවිධානය වූ රසායනික ක්‍රියා පද්ධතින් රාශියක් මගිනි. එම පද්ධතින් අතර කුඩා සරල අණු වලින් සංකීර්ණ මහා අණු සංස්ලේෂණය කරගන්නා සංවෘත්තීය ක්‍රියා දාමයන් මෙන්ම ශක්තිය ලබා ගැනීම සඳහාත් සෛලයේ තවත් අවශ්‍යතාවයන් සඳහාත් මහා අණු කුඩා සරල අණු වලට බිඳ හෙළන ශ්වසනය වැනි අපවෘත්තිය ක්‍රියා ද සිදුවේ.

3. වර්ධනය සහ විකසනය (Growth and Development)

ජීවීන් තම ජීවිතය ආරම්භ කරන්නේ ඉත කුඩා දේහයකිනි. බෝහෝ විට කුඩා තනි සෛලක් ලෙසිනි. පසුව තම ජීවිත කාලය තුලදී ඔවුන් ක්‍රමයෙන් වඩා විශාල හා සංකීර්න් දේහ වර්ධනය කර ගනී. බාහිර පරිසරයෙන් ද්‍රව්‍ය ලබා ගෙන අප්‍රතිවර්තව සිදුවන වියළි බරෙහි වැඩිවීම වර්ධනය ලෙස හැඳින්වේ. මෙසේ ජීවිත ආරම්භයේ සිට පරිණත අවධිය දක්වා ජීවීන් සිදු කරන දේහ නිර්මාණය විකසනය ලෙස හැඳින්වේ.

ජීවීන් සතු ලක්ෂණ ජීවීන් සතු ලක්ෂණ ජීවීන් සතු ලක්ෂණ

රූපය – විකසනය

4. උද්දීප්‍යතාවය ( Irritability)

පරිසරයෙන් ලැබෙන උත්තේජවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියව උද්දීප්‍යතාව නමින් හැඳින්වේ. මේ නිසා පරිසරයේ සිදුවන වෙනස්කම් මගින් ජීවීන්ට සිදුවන හානි අවම කර ගැනීමට හැකියාවක් ඇත. සරල උදාහරණයක් ලෙස අවට උෂ්ණත්වය වැඩිවන අවස්ථාවල දහදිය ගැලීමෙන් ශරීර උෂ්ණත්වය පාලනය කර ගැනීමට මිනිස් සිරුරට හැකියව ඇත.

5. අනුවර්තනය (Adaptation)

සියලුම ජීවීන්ගේ ජීවන රටාවන් පරිසරය සමඟ තදින් බැඳී පවතියි. එනිසා පරිසරයේ තැනින් තැන විටින් විට ඇති වන වෙනස්කම්වලට අනුව හැඩ ගැසීමේ නැතහොත් අනුවර්තනය වීමේ හැකියවක් ජීවීන් සතුව ඇත. මෙමගින් වෙනස් වන පරිසර තත්වයන් නිසා ජීවන ක්‍රියාවලියට පැමිණෙන බාධා වලින් මිදීමට මෙන්ම පරිසර සාධක වලින් උපරිම ලෙස ප්‍රයෝජන ලබා ගැනීමට ඔවුනට හැකියාව ලැබේ.
උදාහරණ ලෙස:

ශීත පරිසරයකදී වෙව්ලී
සිනිඳු වැලි වල එරීම වලක්වන පුළුල් විහිදුණු පාද ඔටුවා විසින් දැරීම.

ජීවීන් සතු ලක්ෂණ

රූපය – ඔටුවාගේ අනුවර්තනය

6. චලනය (Movements)

සතුන් තම අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා සංචරණය කරන බව පැහැදිලිය. ශාක සංචරණයේ නොයෙදෙන ජීවීන් වුවත් ශාක වලද සතුන් තුල මෙන්ම චලන හඳුනා ගත හැක. ශාක වල චලන පෙන්වන්නේ පත්‍ර, කඳ, මුල් වැනි උපාංගය. බාහිර උත්තේජවලට ප්‍රතිචාර වශයෙන් ජීවීන් චලන සිදු කරයි.

7. ප්‍රජනනය (Reproduction)

විශේෂයක අඛණ්ඩ පැවැත්ම සඳහා නව ජනිතයින් බිහිකිරීම ප්‍රජනනය නම් වේ. සෑම ජීවීයෙක් තුලම තම විශේෂයට අයත් ජීවන සැලැස්ම පිළිබඳ සියළු තොරතුරු තැන්පත් කල ප්‍රවේණි ද්‍රව්‍යයක් ඇත. ජීවීන්ට ආවේණික විවිධ ලක්ෂණ තීරණය කරන ජාන සෑදී ඇත්තේ ප්‍රවේණි ද්‍රව්‍යයයෙනි. නවක ජීවීන් මෙම ජාන වල තැන්පත් වී ඇති තොරතුරු අනුව තම දේහ සහ ජීවන රටා නිර්මාණය කර ගනියි.

8. ප්‍රවේණිය හා පරිණාමය (Heredity and Evolution)

සෑම ජීවියෙකුටම තමාට ආවේණික වන අනන්‍යතාවයක් ඇත. ප්‍රජනනයේදී පරම්පරාවෙන් පරම්පරාවට තොරතුරු සම්ප්‍රේෂණය වීම ප්‍රවේණිය නම් වේ. පරිසරය විසින් ජීවි විශේෂ ස්වාභාවිකව දීර්ඝ කාලීන වරණයකට භාජන කෙරේ. ස්වාභාවික වරණය නිසා ජීවි විශේෂ ක්‍රමයෙන් වෙනස් වීම පරිණාමය නම් වේ. පරිණාම ක්‍රියාවලිය දීර්ඝ කාලීනව සිදුවන විට පැරණි ජීවි විශේෂ වෙනුවට නව විශේෂ බිහිවේ. ජීවී විශේෂ වඩ වඩාත් දියුණු හා සංකීර්ණ වේ.

ජීවීන් සතු ලක්ෂණ

රූපය – මිනිසාගේ පරිණාමය විද්‍යාත්මක ක්‍රමය

ගැටළු සඳහා විසඳුම් සොයා ගැනීමට මිනිසුන් විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කරයි. කිසියම් සිද්ධියක් හෝ ගැටලුවක් පිළිබඳව ගවේෂණය කිරීම සඳහා ලොව පුරා විද්‍යාඥයින් හෝ ජීව විද්‍යාඥයින් අනුගමනය කරන ක්‍රමානුකූල පිළිවෙලක් සහිත සංවිධානාත්මක රටාව විද්‍යාත්මක ක්‍රමය නම් වේ.

විද්‍යාත්මක ක්‍රමයේ පහත පියවර ඇත.

  • නිරීක්ෂණය
  • ප්‍රශ්න කිරීම
  • කල්පිතකරණය
  • පරීක්ෂණ සිදුකිරීම
Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *