කෘෂිකර්මාන්තය නැත්තම් (Agriculture) කියන වචනයේ සරල තේරුම පසේ වගා කිරීම යන්නයි. අපි බොහෝ දෙනෙක් දන්නා විදියට කෘෂිකර්මය කියන්නේ මනුෂ්‍ය ක්‍රියාකාරකමක්. එත් ඔබ දන්නවාද වේයන්, කූඹින්, වැනි සතුන්ද කෘෂිකර්මයේ යෙදෙනා බව කෘෂිකර්මාන්තයේ ඉතිහාසය අදින් අවුරුදු දහස් ගණනක් දක්වා දිවෙයි. මීට අවරුදු 12,000 කට පෙර නියෝලිතික යුගයේ විසූ මානවයන් සිදුකල “වල් තණකොළ විශේෂයක අස්වනු නෙලීම” පළමු කෘෂිකාර්මික කටයුත්ත ලෙසින් සැලකේ. එදා සිට අද දක්වා විවිධ සංස්කෘති, නොයෙකුත් දේශගුණික කලාප, තාක්ෂණික ක්රමෝපායන් ඔස්සේ ක්‍රමානුකූලව කෘෂිකර්මාන්තය දියුණු වෙමින් පවතී.
කෘෂිකර්මාන්තයෙන් ලබා ගන්නා ඵල මූලිකව කාණ්ඩ හතරක් යටතේ ආහාර, තන්තු/කෙඳි, කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, ජෛව ඉන්ධන ලෙස වර්ග කල හැක. 2007 සිදුකල ඇස්තමේන්තුවකදී ලොව ජනගහනයෙන් 1/3 ක් කෘෂි ක්ෂේත්රයේ නියැලී සිටිය බවට වාර්තා වේ.
ජීවීන්ගේ පැවැත්මට අවශ්‍ය මූලික සාධකයක් ලෙස ආහාර සැලකේ. එබැවින් යම් රටක ස්ථාවරත්වය කෙරෙහි එම රටේ ඍජුව බලපායි. මෙනිසා ලොව සෑම රටක්ම පාහේ තම රටේ ආහාර සුරක්ෂිතතාව කෙරේ විශේෂ අවධානයක් යොමුකරයි. මේ සඳහා ලොව බොහෝ රජයන් කෘෂිකාර්මික ක්ෂේත්රය කෙරේ විවිධ සපයනු ලබයි. වී, තිරිඟු, බඩඉරිඟු, සෝයාබෝංචි, කිරි වැනි නිෂ්පාදන මින් ප්රමුඛ වේ.
වත්මන් ලෝක ජනගහනය බිලියන 7 ක් එනම් මිලියන 7000 ඉක්මවමින් සිටී. නමුත් මානව විද්‍යාඥයන්ට සහ ඉතිහාසඥයන්ට අනුව කෘෂිකර්මාන්තය සොයා නොගත්තේනම් කිසිදු දිනක මානව ගහනය මිලියන15 නොඉක්මවන බව සඳහන්ය.
දිනෙන් දින දියුණු වන නවීන විද්‍යා හා තාක්ෂණික දියුණුව සමග නූතන කෘෂිකර්මාන්තයද දියුණුවෙමින් පවතී. නවීන ශාක අභිජනන ක්‍රමවේද, පලිබෝධනාශක සහ සංශ්ලේෂිත පොහොර භාවිතය මෙම දියුණුවට වැඩිවශයෙන් දායක වී තිබේ.
වර්තමානයේ මහාපරිමාණව කෘෂිකර්මාන්තයේ යෙදෙන රටවල් ලෙස චීනය, ඉන්දියාව, ඇමරිකා එක්සත් ජනපදය , රුසියාව ඉදිරියෙන් සිටී. අක්කර දහස් ගණනක් පුරා විහිදෙන විශාල වගාබිම්වල වඩාත් කාර්යක්ෂමව හා ඵලදායිව වගාකටයුතු සිදුකිරීමට නවීන යන්ත්රසූත්ර භාවිතය, ඉහලමට්ටමින් පොහොර සහ පලිබෝධනාශක භාවිතය වැනි ක්‍රමවේද අනුගමනය කරයි. මූලිකව මෙම යන්ත්රසූත්ර පනගැන්වීමට අවශ්‍ය බලශක්තියත් පොහොර සහ පලිබෝධනාශක සංස්ලේෂණයට අවශ්‍ය අමුද්‍රව්‍යත් ලබාගන්නේ පොසිල ඉන්ධන මගිනි. මෙනිසා වත්මන් කෘෂිකර්මාන්තයද ඍජුව පොසිල ඉන්ධන මත රඳා පවතී.
එබැවින් විකල්ප බලශක්ති ප්‍රභව කෙරේ අවදානය යොමුකිරීම සහ ක්‍රමානුකූලව ඒවාට නැඹුරුවීම අනාගත කෘෂිකර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් දායකවනු ඇත.
කතෘ : සුදීර සංකල්ප බණ්ඩාර
කෘෂිකර්ම පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය
මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය ගුරුගෙදර වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.