ප්‍රයෝගික පුහුණුව ලබා ගැනීම.

ඉගෙනීමට කාලය මදි ද?

ඉගෙනීමට වෙලාව මදි,පාඩම් කරන්න කාලයක් නැ.විභාගයට දවස් මදි.ආදී වශයෙන් මැසිවිලි නගන සිතන අවස්ථා ඇත.කාලය රන් හා සමාන යයි කිව්වත් කාලය ඊටත් වඩා වටි.රන් මිලට ගත හැකි වුවත් ගිය කාලය නැවත ලබා ගත නොහැකිය.එබැවින් ඉගෙනීමට නියමිත කාලයේදී එය කරන්න.එයට ප්‍රමුකත්වය දෙන්න.

පාසල් වල ඉගෙන ගන්නා කාලය තුලදී කාලය උපයා ගත හැකි අවස්ථා කිහිපයක් තිබේ.එනම් ඔබට විෂය උගන්වන ගුරුතුමා හෝ ගුරුතුමිය නිවාඩු ලබා හෝ වෙනත් රාජකාරියක යෙදී ඇත්නම් ඉගෙනීම සදහා ඔබට ගත හැකි පියවර කිහිපයකි.

  • එදිනට නියමිත විෂයේ එදිනට නියමිත පාඩම නිශ්ශබ්දව කියවීම.එම පාඩමේ ගැටළු සහිත තැන්,අලුත් වචන සටහන් කර ගැනීම.
  • පාසලට නොපැමිණීම නිසා අතපසු වූ සටහන් ලිවිම.ප්‍රශ්නවලට පිළිතුරු ලිවීම,පැවරුම් සම්පුර්ණ කිරීම,ආදියට මෙම කාලය යොදවන්න පුළුවනි.
  • කරන ලද පාඩම් නැවත සංස්කරණය කර ගැනීමට හැකිය.
  • ගණිතය දුර්වලනම් මෙම කාලය හැකි තරම් ගණන් සැදීමට යොදා ගත හැකිය.ගණිතයට දක්ෂ මිතුරාගේ හෝ මිතුරියගේ උදවු මේ සදහා ලබා ගත හැකිය.
  • පාසල් පුස්තකාලයෙන් සගරා හෝ පුවත්පත් පන්තියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සංඛ්‍යාවට සරිලන පරිදි ලබා ගන්න.ඒවා පන්තියේ ළමයි අතර බෙදාහැර කියවීමට සලස්වන්න.මේ මගින් අතිරේක කියවීම තුලින් දැනුම වර්ධනය කර ගත හැකිය.කියවා අවසාන වූ විට එකිනෙකා අතර හුවමාරු කරගෙනද කියවිය හැකිය.මේ සදහා සහන කාල චේදය ගුරුභවතෙකු යොදා ඇත්නම් එම සහය ලබාගත හැකිය.නැත්නම් පන්ති නායකයට මෙම කටයුත්තට ශිෂ්‍ය ශිෂ්‍යාවන් යොමු කරවිය හැකිය.

ප්‍රයෝගික පුහුණුව ලබා ගැනීම.

සංගීතය,චිත්‍ර,නැටුම් ආදිය සදහා ද,තාක්ෂණික විෂයන් සදහා ද ප්‍රායෝගික පුහුණුව ලැබීම අවශ්‍යය.මේ සදහා පන්ති කාල පරිච්චේදයේ දී පමණක් ලබන පුහුණුව ප්‍රමාණවත් නොවිය හැකිය.මේ සදහා අමතර පුහුණුවීම් කාලයක් යොදාගත යුතුය.පුහුණුව වැඩි වූ තරමට හා විවිධ වූ තරමට ඒ සම්බන්ධ කුසලතාවය වැඩි වේ.ඉහල මට්ටමේ දක්ෂතාවයන් පෙන්විය හැක්කේ එවිටය.මෙවැනි අංශවලින් සිය අනාගත වෘත්තීය තොර ගැනීමට අදහස් කරන්නේ නම් විශේෂ අමතර පුහුණුවීම් සදහා පුහුණු ආයතන වලට සම්බන්ධ  යුතුය.විභ්ගයට පමණක් සීමාවන ප්‍රායෝගික පුහුණුව අඛණ්ඩව පවත්වා ගන්නේ නම් පමණක් එය වෘත්තිමය වශයෙන් හා ප්‍රායෝගිකව ගත හැකි වනු ඇත.

ප්‍රායෝගික පුහුණුව සදහා ආදර්ශන ක්‍රමය හා පියවර ක්‍රමය යොදා ගත හැකිය.ආදර්ශන ක්‍රමයේදී ආදර්ශයක් බලාගෙන අනුකරණය කිරීමෙන් ප්‍රයෝගික පුහුණුව ලද හැකිය.මෙයට දැක්විය හැකි උදාහරණ කිහිපයක් පහත දැක්වේ.

  • චිත්‍ර ඇදීමේදී මෝස්‌තර ඇදීම,පෝස්ටර සදහා,බැනර් සදහා අකුරු දීම ආදිය ආදර්ශනයක් බලාගෙන හෝ එයට අච්චුවක්  සාදාගෙන ඒ මත ඇදීමෙන් පුහුණුවීමට පුළුවන.
  • එක සමාන සත්ත්ව රුප ඇදීමේ දී තෙල් කඩදාසි භාවිත කිරීමෙන් එය කල හැකිය.
  • සංගීත භාණ්ඩ වදනයේදී ආදර්ශන වාදන අනුකරණය කළ හැකිය.ගායනයේදී අසා සිටීමෙන් තාලය ඉගෙන ඒ අනුව පුහුණුවීමට උත්සහ ගන්න.
  • නැටුම් වලදී ආදර්ශන ක්‍රමය මෙන්ම පියවර යොදා ගත හැකිය.අමතක වීම්,පැටලවීම් සිදුවන්නේ නම් එක පියවරක් හොදට පුහුණු වීමෙන් පසු ඊලග පියවර පුහුණු වන්න.එක් එක් පියවර නුහුරු නම් හුරුවන තෙක් කරන්න.

මේ හැරුණු විට වඩු වැඩ,ලොහවැඩ ,ඉලෙක්ට්‍රොනික තාක්ෂනය,ගුවන්විදුලි,මෝටර් කාර්මික ආදී විෂයන්හි මුලධර්ම පමණක් ඉගෙනීමෙන් ප්‍රයෝගිකව ක්‍රියා කල නොහැකිය.

එම ක්‍රියාකාරකම් වල දී භාවිතා කරන විවිධ උපකරණ ඇත.ඒවා හදුනාගත යුතු අතර ඒවා නිවැරදිව භාවිත කරන ආකාරයද ප්‍රගුණ කල යුතුය.හැකි තරම් තැනීම,ගලවීම්,සවි කිරීම්,දෝෂ සොයා ගැනීම් පිළිබද අභ්‍යාස කල යුතුය.ඔබේ මුලධර්ම දැනීම ඵලදයකව යොදා ගැනීමට දැත් මෙන්ම ඇස් ,කන්,නාසා ,දිව යන පංච ඉන්ද්‍රියන් ද වෘත්තියට ගැළපෙන අයුරින් හසුරුවා ගත යුත්තේමය.

මෙම කරුණුවලට පොදු උදාහරණයක් නම් තැපෑලෙන් හෝ පොතපතින් කර්මාන්ත හුරු වීමෙන් පලක් නැත.ඔබ පොත පතින් රථ වාහන ධාවනය කිරීම,කරවීම පිලිබදව ඉගෙන ගනී නම් ප්‍රයෝගික පුහුණුව නොමැතිව එය කල නොහැකිය.මේ නිසා කර්මාන්ත සදහා දෑත හුරුව මෙන්ම සිතද ,බුද්ධියද මෙහෙය විය යුතුය.

සාකච්ඡ මාර්ගයෙන් ඉගෙනීම 

විවිධ විභාග සදහා ඉගෙන ගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඉගෙන ගත් කරුණු සාකච්ඡ කිරීම තුලින් දැනුම තහවුරු කර ගැනීමටත් ,දැනුමේ අඩු ලුහුඩු කම් පුරවා ගැනීමටත් හැකිවේ.කිසියම් විෂයක,කිසියම් මාතෘකාවක් ගෙන ක්‍රමානුකුලව සාකච්චාවට භාජනය කළ යුතුය.මේ සදහා තමාගේ සටහන් පොත්,විෂය පොත්,වෙනත් අදාළ ලේඛන යොදා ගනිමින් කරුණු ඉදිරිපත් කල හැකිය.ඒ මගින් තනිව පාඩම් කිරීමට දුර්වලතාවයන් දක්වන අයට මෙය මහගු අවස්ථාවකි.එමෙන්ම තමාගේ දුර්වල සගයන් දැනුම අතින් පෝෂණය කිරීමටත්,දක්ෂ සගයන්ට මේ තුලින් හැකි වේ.

මෙම ලිපියෙහි සදහන් කරුණු ගුරුගෙදර වෙතින් ඔබට ඉදිරිපත් කරනුයේ දැනට ශ්‍රිලංකාවේ විභාග සදහා සුදානම් වී සිටින සිසු දරුවන්ගේ නැණස පැදීම සදහා මහගු රුකුලක් ලබා දීම සදහාය.එම නිසා මෙම ලිපිය අවසානයේ ඔබගේ මතයන්ද ගුරුගෙදර අඩවියෙහි දැමීමෙන් අන් අයටද ඔබගේ මතයන් ද තේරුම් ගැනීම තුලින් ඉගෙනීමට කාලය මදි යන මතයෙන් බැහැරවී හොද ඉගෙනීමට රුකුලක් වේ යයි සිතයි.එම නිසා ගුරුගෙදර හා එක්වන්න ලෝකය දිනන්න.

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *