Studying_methoud

පාඩම් කරන්නේ මෙහෙමයි

මතකය පිළිබද දුර්වලතාවයන් මග හරවා ගැනීමට උපදෙස් 

සිතේ කලබලකාරී නොසන්සුන් ගතිය පවතින විට කොතෙක් උත්සහ කලත් පාඩම සිතට ඇතුළු නොවේ.එබැවින් එවන් අවස්ථාවක දී සිත සන්සුන් කර ගැනීමට ක්‍රියා කරන්න.සිත නිතර නිතර වෙන අරමුණු කරා දිවයම වලක්වා ගැනීමට නිසංසල පරිසරයක් හෝ ස්ථානයක් තොර ගැනීම උචිතය.මේ නිසා ඇතැම් අය පාඩම් කරන්නේ රාත්‍රී කාලයේය.රාත්‍රී 9න් පසුව 10,11 වන තෙක් පාඩම් කිරීමට හැකිය.එහෙත් මුලදී නුපුරුදු ගතිය නිසා නිදිමත ඇති වීමට ඉඩ තිබේ.එය මග හරවා ගැනීමට නිදිමත දැනෙන විට තේ,කොපි වැනි උණුසුම් යමක් පානය කරන්න.පාන්දර 4.00 සිට 6.00 දක්වා කාලයද පාඩම් කිරීමට සුදුසුය.

පුස්තකාලයක් වැනි ස්ථානයක් ද,පාඩම් කිරීමට දිවා කාලයේ දී යොදාගත හැකිය.පාසල් කාලයෙන් පසු සන්ධ්‍යා භාගයේ සවස 5-7 අතර කාලයද පාඩම් කිරීමට නිතිපතා යොදා ගැනීම පුරුද්දක් කර ගත්විට ඉඩ හිට අපිළිවෙලට පාඩම් කිරීමේදී ඇතිවන කම්මැලි ගතිය තුරන් වී යයි.

 

පාඩම් අමතක නොවීමට උපදෙස් 

කිසියම් පාඩමක් කියවන විට එය දෙයාකාරයකට කල හැකිය.එනම් ශබ්ද නාග කියවීම හා නිහඩ කියවීමයි.විශේෂයෙන් ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් අකුරු හා වචන කටට,කනට හුරුවීම සදහා ශබ්ද නාග කියවීම අවශ්‍යවේ.කියවීමේ තවත් අංගයක් අන් අයට ඇසෙන්නට කියවීම.මෙහිදී  අසන්නාට තේරෙන හා අවබෝධ වන ආකාරයට වදන් වැකි ප්‍රකාශ කල යුතුය.රුපවාහිනිය හා ගුවන් විදුලි ප්‍රවෘත්ති කියවීම මීට දැක්විය හැකි කදිම උදාහරණයකි.

6 ශ්‍රේණියේ සිට ඉහල ශ්‍රේණි සදහා අධ්‍යාපනය හදාරන විට නිශ්ශබ්ද කියවීම ප්‍රගුණ කල යුතුය.නිශ්ශබ්ද කියවීම ඍජුව සිතට කරුණු යොමු කරවන ක්‍රමයකි.පුවත්පත් කතන්දර පොත් කියවන විට එහි සිද්ධීන් අප සිතට ඇතුළුවේ.ඇතැම් සිද්දීන් පිළිබද චිත්ත රුප මැවේ.ඇතැම් සිද්ධීන් කියවන්නාට ඇතිවේ.විභාග සදහා පොත පත කියවන අය නිශ්ශබ්ද කියවීමට හුරුවිය යුතුය.

කියවන දෙය සිතේ රදවා  ගන්නේ කෙසේද?

එකවර පිටු කිහිපයක් හෝ චේද කිහිපයක් කියවා නැවත මතක් කරන්න.කියවූ දෙය එම ආකාරයෙන්ම මතකයේ රැදී නොතිබීමට පුළුවන.ඇතැම් අයට කිසිවක් මතකයේ නැතිවිය හැකිය.සමහරෙකුට අතරින් පතර කරුණු මතක තිබිය හැකිය.එහෙත් ,විභාග  සමත් වීම සදහා එවැනි මතකයක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවේ.

පාඩමක කොටසින් කොටස නැතිනම් චේදයෙන් චේදය පාඩම් කරන්න.සමහර විට එක වරක් කියවූ පමණින් මතකයේ නොරදෙනවා නම් දෙතුන් වරක් කියවන්න.කියවූ චේදය හෝ කොටස නැවත මතක් කරන්න.මතකයේ අඩුපාඩු ඇත්තම් එම කොටස නැවත කියවන්න.ඉන්පසු කියවූ චේදයේ පිළිබද කෙටි සටහනක් වාක්‍යයකින් දෙකකින් පමණක් තබා ගන්න.මේ ආකාරයට පාඩම කියවා කෙටි සටහන් තබා ගන්න.කෙටි සටහන් නැවත සතියකට දෙකකට දෙකකට වරක්  බලා ස්මරණ කර ගන්න.විභාගය කට ලගට එනතුරු නොසිට ව්භාගයට කල් තියා මේ ආකාරයට සුදානම් වෙන්න.එදිනෙද පාඩම් එදිනෙදා ම ගෙදරදී හෝ නිදහස් තැනකදී යලි අධ්‍යනය කරන්නේ නම් බොහෝ අමතක වීම් හා මතකයේ දුර්වලතා මග හැරී යයි.උදාහරණයක් වශයෙන් දවසක ඔබට සිදුවූ වැදගත් සිද්ධියක් දින ගණනක් හෝ සති ගණනක් හෝ ගතවී මතක් කා විට මතකයේ බොහෝ අඩුපාඩු දිස් වේ.එහෙත් ඒ මොහොතේ නැතිනම් එදිනම මෙනෙහි කර බලන්න.සිද්ධියක් නිවැරදිව විස්තර කිරීමේදී මේ ක්‍රමය බෙහෙවින් වැදගත්ය.

තවද කරන ලද පාඩම පාඩම් කර අවසානයේදී ඔබේ වචනවලින් සාරාංශයක් තබා ගතහැකිය.මේ සාරාංශය වැදගත් කරුණු යටින් ඉරි ඇදිය හැකිය.සෑම පාඩමකම සාරාංශය තබා ගත් විට විභාගය දිනට පෙර දින සාරාංශ සටහන බැලිය හැකිය.දුෂ්කර හා අපහසු පාඩම් තිබේනම් ඒවා තොර නැවත මතකය නිරවුල් හා නිවැරදි කර ගැනීමට අවස්ථාවක් ලැබේ.

ඉගෙන ගත් පාඩමක් හෝ සවන් දුන් දේශනයක් නැවත එදිනම ගෙදරදී හෝ නවතනේදී කියවන්න.එවිට ඔබේ මතකයේ අඩුපාඩු ගැටළු තැන්,නොතේරුණු තැන් මතුවිය හැකිය.ඒවා ඇත්නම් කොළයක සටහන් තබාගෙන ඒ පිළිබද ගුරුතුමාගෙන් හෝ දෙෂකතුමාගෙන් විමසා ගැටළු විසදා ගන්න.

ඇත්තෙන්ම ගණිතය අමාරු ද?

“එය හරිම ගණන් කාරයා.ගණන් හදන්න රුසිය.එයට නම් ගණන් පේන්න බැරිලු.ගණන් හරිම තිත්තලු.”මේ ගණන් පිළිබද ඒ ඒ වචන හා සිතුවිලිය.ඒ කොහොම උනත් ගණන් සමත් විය යුතු අනිවාර්ය විෂයකි.එයට මුහුණ දෙන්නේ කොහොමද?

එකතු කිරීම,අඩු කිරීම,වැඩි කිරීම,බෙදීම යන මුලික ගණිත සංකල්ප හතර මත ගණිතය පදනම් වී ඇත.කුඩා කල සිටම මේ මුලික සංකල්ප හතර ප්‍රගුණ කල යුතුය.ගණන් කරන විෂයක් නොවන අතර එය ගණන් සැදීම තුලින් ම ඉගෙන ගත යුතුය.ගණිතය ඉගැන්වීමේදී උගන්වන්නගේ වේගය හා ක්‍රමය ගණිතය ඉගෙන ගන්න කෙරෙහි බලපෑ හැකිය.

ගණන් එය ලේසි ක්‍රමයක් වුවත් ගණන් බැරි තැනැත්තාට හෙමින් සීරුවේ ටික ටික පැහැදිලි කරමින් ඉදිරියට යායුතුය.හැකි තරම් ගණිත අභ්‍යාස කල යුතුය.එවිට පුරුද්ද හා ගණන් සැදීමේදී වේගය ප්‍රගුණ වේ.ඔබේ ගණිත හැකියාව දුර්වල නම් ගණන් දන්නා කෙනෙකු මගින් එය ඉගෙන ගන්න.මේ සදහා අතිරේකව ගණන් ඉගෙනීම සදහා කෙනෙකු හෝ කාලයක් යොදාගත යුතුය.

සරල ගණිත ගැටළු විසදීමට පහසු වුවත්,සංකීර්ණ ගැටළු විසදීමේදී ගණිත ගැටළු නිරවුල්ව තේරුම් ගැනීම කරන්න.ඉන් අනතුරුව එය විසදිය යුතු ආකාරය මෙනෙහි කරන්න.ඉන් පසු ගණිත ගැටළුව විසදීමට පිවිසෙන්න.ගැටලුව හරියාකාරව නොතෙරේනම් ගණිත ගුරුතුමාගේ හෝ ඔබේ ගණිත මිතුර හෝ මිතුරියගේ සහය ලබා ගන්න.

ඉංග්‍රීසි ඉගෙන ගත්තට,කතා කරන්න,ලියන්න පුළුවන් ද ?

පාසලෙන් ඉංග්‍රීසි ඉගෙන ගත ය සමාජයට පිවිසුණු විට ඇතැමෙකුට කතා කිරීමේ හා ලිවීමේ හුරුව නැත.මේ හුරුව ඇති කර ගන්නේ කෙසේද?ඉංග්‍රීසි නිරන්තර භාවිතය නැතිකමින් දැනගත් දේ මතකයෙන් ගිලිහි යයි.

  • ඉංග්‍රීසි ඉගෙන ගන්නා කාල චේදයේ දී හැකිතාක් දුරට ඉංග්‍රීසියෙන් ම කතා කරන්න හුරුවන්න.
  • ඔබේ ඉංග්‍රීසි ගුරුතුමා හෝ ගුරුතුමිය සමග දන්නා තරමින් ඉංග්‍රීසියෙන් කතා කර කතා හුරුව නිවැරදි කර ගන්න.
  • සමාජයෙන් ඉංග්‍රීසි භාවිත කල හැකි අවස්ථාවල දී ඉංග්‍රීසියෙන් අදහස් හුවමාරු කර ගන්න.ලිපි ලියන්න.
  • සිංහල ප්‍රවෘත්ති විකාෂණයන්ට සවන් දී එම ඉංග්‍රීසි ප්‍රවෘත්ති විකාෂණයන්ට ද සවන් දෙන්න.
  • කියවන විට ලිවිම (Dictation) හුරුවන්න.

 

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *