Data Encapsulation & Data Decapsulation

Data Encapsulation කියන්නේ OSI layers වල උඩම layer එකේ ඉදල අන්තිම layer එක දක්වා data ගලායන ක්‍රියාවලියටයි.ඒක මෙහෙමත් කියන්න පුළුවන් data එකකට එක් එක් layer එකේදි කරන එකතු කිරීම්.තේරෙන්නම කියනවනම් සිද්ධිය මේකයි, අපි එක් computer එකක ඉදල තවත් computer එකකට data යවද්දි ඒ data network එක හරහා යැවීමේදි සිද්ධවෙන දේට සරලවම Data Encapsulationකියල කියන්න පුළුවන්.

Data Decapsulation කියන්නෙ අපි ඔය උඩින් කතාකරපු එකේ අනිත් පැත්තට සිද්ධවෙන ක්‍රියාවලියටයි. ඒ කිව්වෙ OSI layers වල පල්ලැහැම layer එකේ ඉදල උඩම layer එක දක්වා network එක හරහා අපේ computer එකට ලැබෙන data  එකක් user ට view කිරීම දක්වා සිද්ධ වෙන දේටයි.

**මෙන්න මෙහමයි  OSI layers වලදි Data Encapsulation එක සිද්ධවෙන්නෙ**

7.  Application Layer: user desktop එක හරහා කරන click කිරීම් type කිරීම් (යවන data වලට අදාලව) යන ඒවයි මේ layer එකට  Data Encapsulation වලදි අදාල වෙන්නෙ. user interaction එකයි.

6. Presentation Layer: මේ layer එකේදි වෙන්නෙ data compression කිරීම් encryption කිරීම් සහ එක් එක් data ඊට අදාල format (text,jpeg,mpg…….) වලට දැමීමයි.

5.  Session Layer: ඔය උඩ layer දෙකේ සිද්ධවෙච්ච දේවල් අනුව එම data එක  network එක හරහා යවන්න පුළුවන් තත්වයෙන් session layer එක තුල පවතිනව.  

data

 

‍4.  Transport Layer: මෙන්න මෙතන ඉදල තමයි Encapsulation වල ගේම පටන් ගන්නෙ. session layer එකෙන් ආපු data එකට segment header එකක් එකතු කරල data එක segment එකක් බවට පත් කරනව. මොකද්ද මේ segment header එක.මේකෙ තමයි Source port number එකයි Destination port number එකයි තියෙන්නෙ. ( CCNA දෙවනි පාඩම post එකේදි  port number ගැන කිව්ව ) ඔය port number වලින් තමයි Host to Host communication එකේදි කුමන protocol එක හරහා කුමන data එකක්ද ආවෙ කියල අදුනගන්නෙ.කෝකටත් මේ protocol ටිකයි ඒවගෙ port number ‍ටිකයි මතක තියාගන්නකෝ CCNA exam එකට ඒක ගොඩක් වැදගත් වෙයි.

port_number

segment

 

 

3.  Network Layer: මේ  එකේදි layer එකේදි Transport layer එකෙන් ආපු segment එකට source IP address එකයි (data යවන computer එකේ IP address එක) destination  IP Address (data ලබාගන්න computer එකේ IP addressඑක) එකයි එකතු කරල segment එක Packet එකක් බවට පත් කරනව.මේ layer එකේදි හැදෙන Packet එකටම තමයි Datagram එකක් කියලත් කියන්නෙ.

packet

 

2.  Data Link Layer: මේ layer එකේදි network layer එකෙන් ආපු  packet එකට Layer Header එකක්(source & destination MAC address  එකයි මේකෙ තියෙන්නෙ) හා Layer Trailer එකක්(මෙකෙ අඩංගු වෙනව Frame Check Sequence[FCS] කියල එකක්)  එකතු වෙලා packet එක Frame එකක් බවට පත් ‍වෙනව. මම ඔය උඩින් FCS කියල එකක් කිව්ව නේද අන්න ඒක තියෙන්නෙ ඔය Frame එක සඹ්පූරණද කියල තහවුරු කරගන්නයි. තව ටිකක් කියනවනම් මේ FCS එකේ අංකයක් තියනව, ඒක හදාගෙන තියෙන්නෙ source computer එනකන් යන Frame එකේ තියෙන data යම්කිසි ආකාරයක ගනණය කිරීමක්(calculation) කරලයි. මේක Data Decapsulation එකේදි මාර විදියට වැදගත් වෙනව.

frame

 

 

1. Physical Layer: ඔය එක එක layer වලින් වැඩ දාල අන්තිමේටම හැදුනු Frame එක කිසිම ගතියක් නැතුව Physical layer එකෙන් ඔය computer එකට තේරෙන භාශාව කියන bit වලට convert කරල computer එකට සම්බන්ධ කරල තියෙන cable (wireless ව වෙන්නත් පුළුවන්) හරහා transmit කරනව. කෙටියෙන් නිව්වොත් Frame එක bit කරල යවනව(send……)

සිද්ධිය කෙටියෙන්,

Data…..Segment….. Packet…. Frame….. Bit

ඔන්න ඕකටයි Data Encapsulation කියන්නෙ….

**මෙන්න මොහමයි  OSI layers වලදි Data Decapsulation එක සිද්ධවෙන්නෙ**

1. Physical Layer:  ඔන්න ඉතින්  source computer එකේ Physical Layer එකෙන් ආපු bit destination computer එකේ Physical Layer එකෙන් අරගෙන අනිත් layer එකට යවනව.

2.  Data Link Layer: දැන් උඩ layer එනකන් ආපු bit මේ layer එකේදි Frame එකක් බවට පත්වෙලයි තියෙන්නෙ.source computer එකේදි Frame එකට එකතු කරපු layer header එකයි layer trailer එකයි මෙතනදි පරීක්ෂාකරගෙන (destination එක හරිද කියල check කරගනිනව.ඒ කියන්නේ ආපු Frame එක මේ computer එකටම එවපු එකක්ද කියල, ඕක ඉතින්  layer header එකේ තියෙන mac address එකෙන් කරගන්න පුළුවන්නෙ.)ඒව හලල දානව.ඒ කිව්වෙ කපල දානව.මෙතනදි වෙන තව සිද්දියක් තියෙනව එක තමයි layer trailer එක check කර ගන්න විදිය.මෙන්න මෙහෙමයි ඒක වෙන්නෙ මම කලින් කියපු විදියට layer trailer  එකේ තියෙන Frame Check Sequence[FCS] එ‍කේ ඉලක්කම destination computer එකට ලැබුනු Frame එකේ data වල FCS එක calculate කලාම එන ඉලක්කමත් එක්ක සමාන උනේ නැත්තම් මුළු Frame එකම අයින් කරල අළුත් Frame එකක් ආයෙ request කරනව.

frame1

 

3. Network Layer: data link layer එකේදි Frame එකේ L/H එකයි L/T එකයි අයින් කලාට පස්සෙ ඒක Packet එකක් බවට පත්වෙලා තමයි Network layer එකට එන්නෙ. ඊට පස්සෙ මෙතනිනුත් IP/H එක පරීක්ෂාකරගත්තට පස්සෙ ඒකත්(IP/H ) අයින් කරල දානව.

 

4. Transport Layer: උඩදි IP/H එක අයින් කලාට පස්‍සෙ ඒක segment එකක් වෙලා තමයි මේ layer එකට එන්නෙ.ඊට පස්සෙ S/H  (TCP / UDP Heder) එකේ port numbers බලල ඒ port හරහා data එක විතරක් අනිත් layer එකට යවනව.

 

5. Session Layer: මෙතනදි connection එක තියාගෙන data අනිත් layer එකට යවනව.

data

 

6.  Presentation Layer: මෙතනදි data encrypt කර තියනවනම් ඒවා decrypt කිරීමත්  compress හෝ uncompress කිරීමත් user ගෙ කැමැත්ත අනුව කරන්න පුළුවන්.

7.  Application Layer: මෙන්න හොදම හරිය. user interaction එක මත data view කිරීම edit කිරීම වැනි දෑ කරන්න පුළුවන්.

සිද්ධිය කෙටියෙන්,

Bit….. Frame….. Packet…. Segment….. Data

ඔන්න ඕකටයි Data Decapsulation කියන්නෙ… 

 

මේ රූප රාමුවත් බලන්න ඒකෙනුත් අපට ගත හැකි දේ බොහෙමෙයි.

කර්තෘ: නුවන් චාමර දිසානායක (දිසා)
අධ්‍යාපනය ලත් : Bachelor of Information Technology (external degree) Colombo Campus

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *