CCNA දෙවන පාඩම OSI Layers

OSI  (Open System Interconnect)Layers

තොරතුරු හුවමාරු පද්ධතියක එම තොරතුරු ගලායන අකාරය එක් එක් කොටස් වලට බෙදා තිබීමක් තමයි අපිට OSI layers එකකින් දකින්න පුළුවන්.ඒ කියන්නේ Network එකක නම් එක computer එකකින් තවත් computer එකකට data යැවීමේදී එම  dataයවන computer එකේ ඉදල එම data අනෙක් computer එක ලබාගෙන user ට monitor එක හරහා එක data display කරීම දක්වා වෙන ක්‍රියාවලිය විවිධ  layers කිහිපයකට බෙදා තිබීමක් තමයි OSI layers වලින් පෙන්නන්නෙ.OSI layers වල තියෙන ප්‍රධාන වැදගත් කම් තමයි

  • මේක පෙන්නල දෙනව කොහොමද data හුවමාරු කරගන්නෙ එක system එකක ඉදල තවත් system එකකට.
  • communication system එකේ ඉන්න vendors(Communication උපකරණ හදන අය, System developers ල ඔන්න ඔය වගේ කස්ටිය) ලට පිළිගත්තු ක්‍රමවේදයකට (standardize) අනුව එම කටයුතු කරගෙන යාමේ හැකියාව ලබාදෙනව. ඒ අනුව වෙනස් වෙනස්  vendors ලගෙ Software හා hardware සමග data communication කරන්න පුළුවන් වෙනව.

ඉස්සෙල්ල කිව්ව වගේ OSI layers 7ක් අපිට CCNA කරද්දි ඉගෙන ගන්න වෙනව.ඒ OSI layers 7 upper layer හා lower layer කියලත් කොටස් 2කකට බෙදෙනව.ඒ වගේම OSI layers අපිට TCP/IP Layers කියල වෙනමම බෙදල දක්වන්නත් පළුවන්.දැන්නම් මේක අච්චාරුවක් වගේ නේද. පල්ලැහැ බලපුවාම මම කිව්වේ මොකක්ද කියල ඔයාලට තේරෙයි.

OSI LAYER

 

               Transport layer එක Upper හා Lower යන layer දෙකටම අයත් වේ.  

ඔය උඩ තියෙන OSI layers ටික පහත විදියට TCP/IP Layers කියලත් බෙදන්න පුළුවන්.TCP/IP Layers එකේ තියෙන්නෙ Layers හතරයි.

tcp_ip_layer

 

    එතකොට TCP/IP Layers වෙන්නෙ
  1. Application Layer
  2. Transport Layer
  3. Internet Layer
  4. Network Access Layer යන ඒවයි.

දැන් අපි බලමු මේ එක එක Layers communication system එකකදි කොහොමද හැසිරෙන්නෙ කියල.

OSI layers වල කාර්ය භාරය

7.  Application Layer : මේ Layer එකෙන් තමයි අපිට user interface එක ලබා දෙන්නෙ(ඒ කිව්වෙ desktop එක).ඒ වගේම ‍මේ කොටසෙදි තමයි Network services වලට ඕන වෙන Program පාවිච්චි කරන්නත් ඉඩ ලබා දෙන්නෙ. user authentication හා privacy (authentication එක කියනිනෙ username හා password දීල අපි අපේ සත්‍යතාව පෙන්නන්නෙ අන්න ඒ වගේ එකකට.privacy කියන්නෙ මොකකද කියල කියන්න ඕනෙ නෑනෙ කව්රුත් දන්න private එකනෙ.) තව උදාහරණ විදියට මේ  Layer එකේන් කරන ඒව තමයි file transfers, e-mail, telnet,ftp (මේව ගැන වැඩි තොරතුරු පොඩ්ඩක් net එකේ බලන්න.)

එතකොට මේ  Layer එකේදි පාවිච්චි කරන protocol තමයි.

Telnet, HTTP, FTP, SMTP, SNMP, TFTP, POP3,VOIP තව ගොඩක් තියෙනව.මෙතනින් ඒව ටික බලන්නකෝ. උඩ තියෙන  protocol ටිකේවත් Port numbers ටිකයි වෙන කාර්යයි හොදට exam එකට බලාගෙන ගියෙ නැත්තම් ඉතින් හබක් තමයි.

 

6.  Presentation Layer: මේ layer එකේදි data, එක් එක් data format වලට පරිවර්තනය කිරීම තමයි කරන්නෙ.ඒ කව්වේ අපි හිතමු Network එක හරහා video එකක් ආව කියල, එතකොට මේ layer එකෙන් ඒක video file එකක් කියල අදුනගෙන එම video file එක අයත්වෙන video format(MPEG,Quick Time Movie,….) එකට ඒක දානව.මේ layer එකේදි කරන කරන තවත් වැඩක් තමයි එක් එක් format වලට translate කරන  data   Application Layer එකේදි user ට access (view) කරන්න පුළුවන්ද කියල හරියටම sure කරගන්න එක. data compression (හැකිලීම) හා encryption {encryption කියන්නෙ යම් data වගයක් encrypt කලහම වෙන්නෙ ඒ data access(decrypt) කරන්න පුළුවන් data encrypt කල කෙනාටයි එයා ( data encrypt කල කෙනා) විසින් encryption key එක ලබා දීල තියෙන අයටයි විතරයි.}කිරීමක් කරනවනම් ඒක වෙන්නෙත් මේ layer එකේදි තමයි.

5.  Session Layer: Network එකේ data communication එක වෙද්දි data යවන හා ලබා ගන්නා devices වලapplication අතර සම්බන්ධතාවය(connection) පවත්වාගෙන, ඒ සම්බන්ධතාව කළමණාකරණය කරගෙන හා සම්බන්ධතාවය අවසන් කිරීම දක්වා වූ කටයුතු තමයි මේ layer එකෙන් කරන්නෙ.ඒ වගේම තමයි data communication එක simplex ද half duplex ද full duplex ද කියලත් තීරණය කරන්නෙ මේ   layer එකෙන්ම තමයි.   

4.  Transport Layer: මේ layer එකේදි තමයි data packet එක segment එකක් බවට පත්වෙන්නෙ(මේ මෙකක්ද කියල data encapsulation එකේදි බලමු). data යවන හා ලබා ගන්නා devices අතර data ගලායාම(flow control)එක කළමණාකරණය(maintain) කරන්නෙත් මේ layer එකෙදිමයි. මෙතනදි flow control එක Buffering, Windowing, Congestion avoidance යන ක්‍රම පාවිච්චි කරනව data කාර්යක්ෂමව යවන්න.වැරදි හදුනාගැනීම හා ඒවා නිවරදි නිරීමත් මේ layer එකේදි කරනව.      

* Buffering: මෙතනදි කරන්නෙ data Network එක හරහා යවද්දි Buffer(එක්තරා විදියක store කිරීමක්,හරියට cache memory එක වගේ) එකක් තියාගන්න එකයි.එතකොට data යැවීමේදී data වලට සිද්දවෙන හානිය අඩු කරාගන වේගය වැඩි කරගෙන data යවන්න පුළුවන්.

*Windowing: Windowing කියන්නෙ TCP Protocol ( TCP තියෙන්නෙත් මේ  layer එකේමයි) එකත් එක්ක යොදන mechanism(ක්‍රමවේදය වගේ අදහසක් තමයි)එකක්. TCP Protocol එකේ තියෙන ව්ශේෂත්වයක් තමයි data යැවීමේදී Replying සැමවිටම බලාපොරොත්තු වීම.ඒ කිවිවේ source (data යවන device එක) එකේ ඉදල receiver {(destination)data ලබාගන්න device එක}එකට data packet එකක් ගියාම receiver එකෙන් පණිවිඩයක් එවනව source එකට එම data ලැබුනු බව සහතික කරල.ඒ පණිවිඩය ලැබුනට පස්සෙ තමයි source එකෙන් destinationඑකට ඊලග data packet එක යවන්නෙ.

icmp

 

මෙන්න මේකටම තමයි කියන්නෙ TCP වල තියෙන Three type handshake communication  (මේ communication එක කරන්නෙ TCP වල තියෙන ICMP [Internet Control Message Protocol] protocol එකයි) එක කියල.

දැන් ඔයාලට මෙන්න මේකත් තේරුම් ගන්න පුළුවන්, ඒ කිව්වේ TCP කියන්නෙ reliable ව data transmit කරන්න පුළුවන් Protocol එකක් කියල. හරියටම කියනවනම්  TCP කියන්නෙ Protocol වල එකතුවක්. දැන් මම මේ කිය කිය හිටියෙ Windowing කියන්නෙ මොක්ද්ද කියලනෙ.Windowing කියන්නේ TCP හරහා data transmit කරද්දි data packet යැවීමේදී destination එකේ සිට source එකට එවන Replying ප්‍රමානය ක්‍රමවත්ව අඩු කරමින් source එකේ සිට destination එකට data යැවීමයි.එතකොට වැඩි වේගයකින් NETWORK එක තුළ data transmit  කිරීම කල හැකි වෙනව.

*  Congestion avoidance: මේකෙන් නරන්නෙ TCP හරහා data transmit කරද්දි network එකේ වෙන traffic (පාරෙ හයි කරල තියෙන traffic light වලින් කරන්නෙත් මේකම තමයි)ඒ කිවිවෙ තදබදය නැතිකරම්න් data source එකේ සිට destination එකට ගෙනයාමයි.

මේ layer එකේදි flow control එකට අමතරව  sequencing, acknowledgement කියල function දෙකකුත් data transmit කරද්දි සිදුකරනව.විභාගයට යද්දි ඒකත් මතක තියාගන්න.

  • Transport Layer එකේදි යොදාගන්න Protocol තමයි, TCP, UDP{ (User Datagram Protocol) මේ Protocol එක TCP වගේ data transmit කරද්දි Replying බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක හින්දම TCP වලට වැඩිය ගොඩක් වේගවත්. ඉක්මන් වේගය මරු කැදවයි කිව්ව වගේ UDP කියන්නෙ data communication හිදි unreliable Protocol එකක්.}, SPX (Sequence Packet Exchange) කියල Protocol එකකුත් මේ  layer එකේදි පාවිච්චි කරනව.  

3.  Network Layer: මේ layer එකෙන් තමයි සිරාවටම data send කරන්න වගකීම බාරගන්නෙ. Router එක අයිති වෙන්නෙත් මේ layer එකටම තමයි.දැන් ඉතින් තේරෙනවනෙ මොකක්ද වැඩේ කියල. ඒ කියන්නෙ මේ layer එකේදි තමයි Router එක හරහා source computer එකේ ඉදල destination computer(receiver) එකට   data send කරන්න හොදම මාර්ගය(best path එක) හදල දෙන්නෙ. ඕකටම මේකත් මතක තියාගන්නකෝ Routing Table එක හරිගස්ස ගන්නෙත් මේ  layer එකේදිමයි කියල.තව එකක් තියනව IP Address භාවිතා කරන්නෙත් ඔන්න ඔය layer එකේ තමයි.

  • Network Layer එකේදි පාවිච්චි කරන protocol තමයි IP(Internet Protocol), IPX(Internet Packet Exchange), ARP(Address Resolution Protocol), ICMP, RIP (Routing Information Protocol), OSPF(Open Shortest Path First) තව මේ වගේ ගොඩක් protocol මේ layer එකේ පාවිච්චි කරනව.මේවයින් සෑහෙනprotocol ප්‍රමානයක් Routing Protocol පාඩමේදි අපි කථා කරමු.

2.  Data Link Layer: MAC Address එක කියන්නෙ මොකක්ද කියල මතකයිනේ.අන්න ඒ Address එක පාවිච්චි කරන්නෙ මේ layer එකේදි තමයි. data transmission එකේ මොකක්හරි වැරද්දක් තියෙනවනම් ඒවාත් මේ layer එකේදි දැනුම්දෙනව(notify).තව එකක් තමයි data transmission එක LAN(local Area Network) එක හරහා යන්නෙත් මේ layer එකේදිම තමයි.එහෙම කියන්න හේතුව තමයි Switch, Bridge, NIC පාවිච්චි කරන්නෙ මේ layer එකේ හින්ද. STP, VTP, CDP protocol ලුත් මේ layer එකේදි භාවිතා වෙනව.

1.  Physical Layer: මෙන්න අවසාන layer එක.ඔය මොන layer එකෙන් data ආවත් අන්තිමේදි ඔය data යන්න ඕන වයර් දිගේ හෝ  wireless ව හරි  bit විදියටයි.  bit කියන්නෙ 1 යි 0 වයි කියල දන්නවනෙ.computer එකට තේරෙන්නෙත් ඔය භාශාව විතරයි කියලත් කියනවනෙ.ඉතින් ඔන්න ඔය විදියට data යැවීම හා ලබාගැනීම කරන්නෙ මෙන්න මේ layer එකෙන් තමයි. Hub, Repeater, Cable, Connectors අයිති වෙන්නෙත් මේ layer එකටයි.

කර්තෘ: නුවන් චාමර දිසානායක (දිසා)
අධ්‍යාපනය ලත් : Bachelor of Information Technology (external degree) Colombo Campus

Please follow and like us:
error

Leave a Reply

Your email address will not be published. Required fields are marked *