golden rice srilanka

රන්වන් පැහැති සහල් : Golden Rice

රන් අස්වනු මංගල්‍යය”, “බිමට නැමුණු රන්කරල්”, යන වදන් ඔබ මීට පෙර අසා ඇති. සශ්‍රීකත්වයේ සහ සෞභාග්‍යත්වයේ සංකේතයක් ලෙස මෙම රන් යන විශේෂණය යොදා ගනී. එහෙත් අපි දන්නා සහල් සැබවින්ම  රන්වන් පාට නැත. බොහෝවිට  ඒවා  සුදු  හෝ  රතු  පැහැයක්  ගනී.නමුත් සැබවින්ම රන්වන් පැහැති සහල් ලොව පවතින බව ඔබ දන්නවාද?

2000 වසරේදී පළමුවරට රන්වන් පැහැති සහල් (Golden Rice) පිළිබඳව ලොවට අනාවරණය කෙරින. ස්වාභාවික පරිසරයේ  නිර්මාණයක් නොවන මෙම රන් සහල් ජාන ඉංජිනේරු විද්‍යාවෙන් හඳුන්වාදෙන ලදී. එබැවින් මෙය (Genetically Modified Organism)නම්  ඝනයට අයත් වේ. එසේවුවද අනෙක් බොහෝ සහල් අයත්වන Oryza sativa විශේෂයටම මෙම සහල් ප්‍රභේදයද අයත් වේ. මහාචාර්යIIngo Potrykus විසින් මෙය ලොවට හඳුන්වාදෙන ලද්දේ  කුඩා ළමුන් අතර පවතින්නාවූ විටමින් ඒ ඌනතාව හෙවත්(VAD) අවම කිරීමේ වෑයමක් ලෙසය.

golden rice

 

අනෙකුත් සහල් ප්‍රභේදයන්ට සාපේක්ෂව මෙහි වැඩි බීටා කැරොටීන් (β caroteen) ප්‍රතිශතයක් අන්තර්ගතය. සත්ව ශරීර තුලදී මෙම බීටා කැරොටීන්, විටමින් ඒ බවට පරිවර්තනය වේ. මේ ඉහල බීටා කැරොටීන් මට්ටම නිසා මෙම ලාක්ෂණික රන්වන් පැහැය සහල්වලට ලැබී ඇත. වසර 2005 දී තවදුරටත් මෙය වැඩිදියුණු කල අතර (Golden Rice 2) නම් වූ මෙම නව ප්‍රභේදයේ පළමු ආකාරයට වඩා 23 ගුණයකින් බීටා කැරොටීන් මට්ටම වැඩි විය. Syngenta සමාගම මීට දායක විය.

එහෙත් තවමත් මිනිස් පරිභෝජනයට මෙම වර්ග දෙකෙන් කිසිවක් නිකුත් කර නැත. විවිධ පාරිසරික සංවිධාන වලින් මතුවු දැඩි විරෝධය මීට හේතුවිය. මීට ප්‍රධාන හේතූන් ලෙස මෙය (GMO) වර්ගයට අයත්වීම, විටමින් ඒ ඇති ස්වභාවිකව පවතින විකල්ප අහාර බහුලව තිබීම (බතල, කොළ පැහැති එළවලු, පලතුරු), මෙම රන් සහල් වලට අවසර දීම වෙනත් (GMO) වර්ග පරිභෝජනයට දෙන අවසර පතක් ලෙස වක්‍රාකාරව දිස්වීම මෙවැනි හේතුන්ගෙන් කීපයකි.

කතෘ : සුදීර සංකල්ප බණ්ඩාර
කෘෂිකර්ම පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය සිප්සවිය වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *