Center_of_Origin

භෝගවල නිජබිම් : Center of Origin

අපේ රටේ වගා කරන විවිධ භෝග වර්ග ලෝකෙ කුමන පෙදෙස් වලින් පැමිණි ඒවාද? අපි ආහාරයට ගන්න වී, තිරිඟු, කුරහන් වල නිජභූමි මොනවද? අපේ රටේ ප්‍රධාන වැවිලි වන තේ, පොල්, රබර් වැනි භෝග සම්භවය වුනේ මොන මොන රටවලද? මෙම ප්‍රශ්නවලට විසඳුම් “භෝගයන්හි සම්භව කේන්ද්‍ර ” හෙවත් (Centre of Origin) යටතේ පැහැදිලි කල හැක. ආචාර්ය නිකොලයි ඉවනොවිච් වැවිලෝව් විසින් මෙම හඳුන්වාදෙන ලදී. මෙහිදී ප්‍රධාන සම්භව කේන්ද්‍ර 8 ක් යටතේ භෝග වර්ගීකරණය කරයි.

ඒ අනුව අපේ රටේ වවන පොල් ඉන්දියානු කේන්ද්‍රයේද, ළූණු චීන කේන්ද්‍රයේද, මයියොක්කා, රටකජු, රබර්, අන්නාසි බ්‍රසීල පැරගුවේ උපකේන්ද්‍රයේද සම්භවය වී ඇත. පහත වගුවෙන් තවදුරටත් අවබෝධකර ගත හැක.

අප බහුලව පරිභෝජනයකරන භෝග වර්ග සහ ඒවායේ නිජබිම්

දකුණු මෙක්සිකානු සහ මධ්යම ඇමරිකානු කේන්ද්‍රය:-බඩඉරිඟු, බෝංචි වර්ග, කපු, බතල, ගම්මිරිස්, පැපොල්, පේර, කජු, කොකෝවා

දකුණු ඇමරිකානු කේන්ද්‍රය
මෙය නැවත උප ප්‍රධාන ප්‍රදේශ 3 කට බෙදා ඇත.:-

පේරු, ඉක්වදෝර, බොලිවියානු උප කේන්ද්‍රය: අර්තාපල් වර්ග, පිෂ්ට අධික තිරිඟු, තක්කාලි, වට්ටක්කා, ගම්මිරිස්, දුම්කොළ, කොකෝවා, පේර.

චිලෝ උප කේන්ද්‍රය: චිලියානු ස්ට්‍රෝබෙරි

බ්‍රසීල, පැරගුවේ උප කේන්ද්‍රය: මයියොක්කා, රටකජු, රබර්, අන්නාසි, කජු.

මධ්‍යධරනී  කේන්ද්‍රය:-තිරිඟු වර්ග (durum, polish)ඕට්ස්ක්ලෝවර් තෘණ වර්ග (Egyptian, white, crimson)අබඔලිව්බීට්රූට්,සලාද කොළපෙපර්මින්ට් ශාඛ.

මැදපෙරදිගකේන්ද්‍රය:-රයිතිරිඟු වර්ග (einkorn, durum, poulard, common, oriental, persian)පරිප්පුදෙළුම්ඇපල්පෙයාස්,චෙරි.

ඉතියෝපියානුකේන්ද්‍රය:-බාර්ලිතිරිඟු වර්ග (Abyssinian hard, poulard, polish)සෝගම්කුරක්කන්කවුපිතලඑඬරු,කෝපිබණ්ඩක්කා,

මධ්‍යම ආසියානුකේන්ද්‍රය:-තිරිඟු වර්ග (common, club, shot, )පරිප්පුමුංඅබ,තලකපුළූණුසුදු ළූණුනිවිතිකැරට්පෙයාස්,ආමන්ඩ්ඇපල්මිදි

ඉන්දියානු  කේන්ද්‍රයඋප ප්‍රධාන කේන්ද්‍ර දෙකකට බෙදේ.:-

ඉන්දු බුරුම උප කේන්ද්‍රය: වීමුංකවුපිවම්බටු,කැකිරිරාබුඅඹදොඩම්උක්පොල්තල,කොට්ටපුලුන්ජූට්සඳුන්කුරුඳුඋන.

සියම් මලයානු ජාවා උප කේන්ද්‍රය: කොමඩු,කෙසෙල්දෙල්මැන්ගුස්පොල්උක්කරාබු,සාදික්කා

චීනකේන්ද්‍රය:-මිලට් වර්ග (broomcorn, Italian, Japanese barnyard),සෝයා බෝංචිරාබුචීන ගෝවාළූණුකැකිරි,පීච්චෙරිචීන ඇපල්උක්පොපි,

කතෘ : සුදීර සංකල්ප බණ්ඩාර
කෘෂිකර්ම පීඨය
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

මෙහි සදහන් වන කිසිදු කරුණක් කුමන හෝ ආකාරයකින් උපුටා පල කිරීම සපුරා තහනම් වේ. මෙහි සම්පුර්ණ පරම අයිතිය සිප්සවිය වෙබ් අඩවියෙහි කතෘන් සතුවේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *