monarchy AL POLITICAL SCIENCE

රාජාණ්ඩුවක් යනු

රාජාණ්ඩුවක් යනු රටක,ජාතියක,නැත්නම් අධිරාජ්‍යයක නාමමාත්‍ර වශයෙන් හෝ පරම වශයෙන් උරුමයෙන් එන රජෙක්,රැජිනක්,ශේක් හෝ එවැනි නිල නාමයක් පවතින පාලකයෙකු සිටීමයි.

සමහර සාම්ප්‍රදායික රාජාණ්ඩු වර්තමානයේ ද පැවතෙන අතර අනෙක් රාජාණ්ඩු විනාශ මුඛයට ගියහ.එක්සත් රාජධානියේ සහ නෙදර්ලන්තය යන රටවල රාජාණ්ඩුව රටේ එක්සත් බව තහවුරු කරන ලද වැදගත් සංකේතයක් ලෙසින් වර්තමානයේ දී ද සැලකිල්ලට පාත්‍ර වෙයි.එහෙත් 20 වැනි ශත වර්ෂයේ ග්‍රීසියේ සහ ඉතාලියේ දී රජවරු එහි බෙදුම්වාදයේ මූලිකයන් වූ නිසා ඔවුන්ව ඉවත් කරන ලදි.

කොමියුනිස්ට්වාදය විසින් රුසියාවේ රජ පවුල මරා දමන ලදි. 1917 මාර්තු මාසයේ දී රුසියාවේ එම්ප්‍රදෝරු දෙවැනි නිකලස් සිහසුන හැර ගියේය. රොමානොව් රජ පරම්පරාවේ රාජකීයයන් 53 දෙනෙක් එවක රුසියාවේ වාසය කළහ.ඔවුන් අතරන් ග්‍රෑන්ඩ් ඩ්‍යුක් නිකලස් කොන්ස්ටැන්ටිනොවිච් නියුමෝනියාව වැළඳී 1918 ජනවාරි 26 වැනි දා මිය ගියේය.අනෙක් රාජකීය පවුල් අය 52 න් 17 ක් මරා දමනු ලද්දේ බොල්ශෙවික් විප්ලවකරුවන් විසිනි.ඉතිරි 35 දෙනා නොයෙකුත් ක්‍රම වලින් රටෙන් පැන ගියහ. අනෙක් කොමියුනිස්ට් රටවල ද එසේ රාජකීය පවුල් වල අයට තම රටවල් හැර දමා යන්නට සිද්ධ විණ.

රාජාණ්ඩුව (monarchy) නම් සියළු බලතල තනි පාලකයෙක් (monarch=single ruler) යටතේ පවතින රටක් ආණ්ඩු කරන ක්‍රමයකි.රජකම බොහෝවිට හිමි වන්නේ පරම්පරා උරුමයෙනි.උරුමයෙන් නොව සටන් බිමක දී රජකම අල්ලා ගත් පාලකයෝ ලෝක ඉතිහාසයේ සිටියහ.ඔවුන් හැඳින්වෙන්නේ ජනප්‍රිය රාජාණ්ඩු (popular monarchy) වශයෙනි. ‘රෝමවරුන්ගේ රජු’ එවැන්නකට නිදසුනකි.

රජෙක් ඉන්නා රාජධානි වර්ග: පරම රාජාණ්ඩු (absolute monarchy), ව්‍යවස්ථාදායක රාජාණ්ඩු (constitutional monarchy), ෆෙඩරල් රාජාණ්ඩු (federal monarchy).

අද ලෝකයේ රාජාණ්ඩු ඇති රටවල් 44 කි. එයින් 16 ක ඔටුන්න හිමි වන්නේ දෙවන එලිසබෙත් මහ රැජිනට ය. එහෙත් කිසිවෙක් එංගලන්තය අධිරාජ්‍යවාදී යැයි අද සලකන්නේ නැත.

පරම රාජාණ්ඩුව (absolute monarchy) නම් ඔටුන්න හිමි අයගේ බලය වෙනත් කිසිම ව්‍යවස්ථා නීතියකින් සීමිත නොවී තිබීමය.පරම රාජාණ්ඩු තවමත් පවතින දේශයන් මෙසේය. බෲනෙයි (Hassanal Bolkiah -සුල්තාන්),ඕමාන් (Qaboos bin Said Al Said -සුල්තාන්), කටාර් (Hamad bin Khalifa AlThani -එමිර්), සවුදි අරාබිය (Abdullah bin Abdul Aziz -රජු),ස්වාසිලන්තය (Mswati III-රජු) සහ වතිකානුව (Pope Benedict XVI – මහරජු – Sovereign).

වතිකානුව මෙන් ම ඉරානය (Ali Khamenei -සුපිරි නායකයා -Supreme Leader) ද අයිති වන්නේ දේවාධිරාජ්‍යයන් (Theocracies) ට ය.ඒවායේ දී රටේ පාලනය රටේ ආගම අනුවත්,ආගමික සභාව මඟින් රටේ ප්‍රධානියා තීරණය කිරීමත් සිද්ධ වේ.

ඉරානයේ සුපිරි නායකයාට ඉරාන භූමියේ (2010 සංඛ්‍යා ලේඛන අනුව ජනගහණය 74,700,000)සඳහා ආගමික නීති පැනවීමට බලය තියෙද්දී වතිකානුවේ මහරජුට මුළු ලෝකයේ ම කතෝලික ආගමික බැතිමතුන් සඳහා (විකිපීඩියාවට අනුව ලෝක කතෝලික බැතිමත් ජනගහණය 6,442,583,922)ආගමික නීති පැනවීමට බලය ඇත.

ව්‍යවස්ථාදායක රාජාණ්ඩු වල චාරිත්‍රානුකූල බලතල ඇති ඔටුන්න හිමි අය ඔහුගේ හෝ ඇයගේ බලය පාවිච්චි කරන්නේ ආණ්ඩුවේ කැමැත්ත ඇතිව ය.ආණ්ඩු බලයට පත්වන්නේ ජනතාව තෝරා පත් කර ගත් පිරිසකි.

එවැනි ව්‍යස්ථාදායක රාජාණ්ඩුවක වසර 59 ක් රජකමේ ඉන්නා දෙවන එලිසබෙත් මහ රැජින යටතේ ඇති රාජධානි 16:එක්සත් රාජධානිය,කැනඩාව, ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, පැපුවා නිව් ගිනි, ජැමෙයිකාව, ඇන්ටීගා හා බාර්බුඩා, බහාමාස්, බාර්බඩෝස්, බෙලීස්, ග්‍රැනඩා, සෙන්ට් කිට්ස් සහ නේවිස්, සෙන්ට් ලුසියා, සෙන්ට් වින්සන්ට් හා ග්‍රැනඩින්ස්, සොලොමන් දූපත් හා ටූවාලු.

ඊ ළඟට ඉතිරිය මෙසේය:ඇන්ඩෝරා (Joan Enric Vives Sicília සමඟ François Gérard Georges Nicolas Hollande -සම කුමරුන්), බෙල්ජියම (දෙවැනි ඇල්බට් -රජු), කාම්බෝජය (Norodom Sihamoni -අධිරාජ්‍යයා), ඩෙන්මාර්ක් (Margrethe II -රැජින), ජපානය (අකිහිතෝ -අගරජ), ලෙසෝතෝ (Letsie III -රජු), ලක්ස්ම්බර්ග් (හෙන්රි -ග්‍රෑන්ඩ් ඩ්‍යුක්), මැලේසියාව (Mizan Zainal Abidin නොහොත් සම්පූර්ණ නාමය Al-Wathiqu Billah Tuanku Sultan Mizan Zainal Abidin Ibni Al-Marhum Sultan Mahmud Al-Muktafi Billah Shah -රජු නොහොත් Yang di-Pertuan Agong නමින් හැඳින්වෙන තනතුර), නෙදර්ලන්තය (Beatrix Wilhelmina Armgard -මහරැජින), නොර්වේ (පස්වැනි හරාල්ඩ්), ස්පාඤ්ඤය (Juan Carlos I -රජු), ස්වීඩනය (Carl XVI Gustaf -මහරජ) සහ තායිලන්තය (වසර 64 ක් රජකමේ ඉන්නා Bhumibol Adulyadej නොහොත් Rama IX).

ව්‍යවස්ථාදායක රාජාණ්ඩුවක් තිබිය දී, අගමැතිවරයෙක් සිටිය දී, ඔටුන්න හිමි අයට දේශපාලන බලය කැමති පරිදි පාවිච්චි කළ හැකි රාජාණ්ඩු මෙසේය. බහ්රේන් (Hamad ibn Isa Al Khalifa -රජු), භූටාන් (Jigme Khesar Namgyel Wangchuck -රජු), ජෝර්දාන් (දෙවැනි අබ්දුල්ලා -රජු), කුවෙයිට් (Sabah Al-Ahmad Al-Jaber Al-Sabah -එමිර්), ලීෂන්ස්ටයින් (Hans-Adam II නොහොත් Johannes (HansAdam Ferdinand Alois Josef Maria Marko d’Aviano Pius von und zu Liechtenstein -කුමරු), මොනාකෝ (දෙවැනි ඇල්බට් නොහොත් Albert Alexandre Louis Pierre Grimaldi -කුමරා), මොරොක්කෝ (Mohammed VI -රජු), ටොන්ගා (George Tupou V -රජු), එක්සත් අරාබි එමයිරේට්ස් (Khalifa bin Zayed Al Nahyan -ජනාධිපති).

මහජන චන්ද විමසීමකින් තොරව, ආණ්ඩුව හා පාලන පක්ෂය විවේචනය කරනු නොහැකි, එක දේශපාලන පක්ෂයකට පමණක් බලය ඇති පරම ආණ්ඩු රටවල් මෙසේය. කියුබාව (කොමියුනිස්ට් පක්ෂය -රාවුල් කැස්ත්‍රො -ජනාධිපති), උතුරු කොරියාව (කම්කරු පක්ෂය -කිම් යොන්ග්-අන් -සුපිරි නායකයා), ඉරිත්‍රියාව (Isaias Afewerki -ජනාධිපති), ලාඕස්, ලිබියාව (මුමාර් ගඩාෆි -අරගලයේ මඟපෙන්වන්නා හා නායකයා), චීන සමූහාණ්ඩුව (Hu Jintao -චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයා සහ ජනාධිපති), සිරියාව (Bashar al-Assad -ජනාධිපති), ටර්ක්මෙනිස්තාන් (Gurbanguly Berdimuhamedow -ජනාධිපති), වියට්නාමය (Nguyễn Phú Trọng -මහ ලේකම්, චීන කොමියුනිස්ට් පක්ෂය).

ඵෛතිහාසික අර්ථයෙන්, එනම් දෙවියන් වෙතින් ලැබෙන බලයෙන් රජුට කැමති ලෙසින් පාලනයට පරම බලය ලැබීම නිසා රාජාණ්ඩුවට ඇති බිය හෝ ආදරය දැකිය හැකියි. සමහර රාජාණ්ඩුවල ඔටුන්න පැළඳ සිටිය පුද්ගලයාට එවැනි පරම බලයක් නොලැබුණු අවස්ථා බහුල ය. එහි දී ආදිපාදවරුන් හා කුමරුන් බලය බෙදාගත්හ. නැපෝලියන් යුද්ධ වල දී ප්‍රංශ එම්ප්‍රදෝරුවා වූ පළමු නැපෝලියන් “රජවරු” ලෙසින් ද පත්වීම් දී තමන්ගේ කැමැත්තට අනුව කටයුතු කරන රූකඩ ආණ්ඩු පිහිටුවන ලදි.

කර්තෘ: අරුණි ශපීරෝ
අධ්‍යාපනය ලත් ආයතන: කැළණිය විශ්ව විද්‍යාලය, බ්‍රිටිශ් කොළම්බියා විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය
හිටපු කථිකාචාර්ය: කැළණිය විශ්ව විද්‍යාලය, කැලිෆෝනියා ෆ්‍රෙස්නෝ විශ්ව විද්‍යාලය, ටෙනසි විශ්ව විද්‍යාලය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *