panthera pardus kotiya black

මධ්‍යම කදුකරයේදී හමු වූ කළු කොටියා

ශ්‍රිලංකාවේ ජිවත් වන කොටියා (Panthera pardus kotiya) ශ්‍රීලංකාවට අවේනික උප විශේෂයකි. මේ සත්වයා තර්ජනයට ලක් වූ සත්වයෙකු ලෙස ලෝක සංරක්ෂණ සංවිධාන මගින් (IUCN) රතු දත්ත පොතට ඇතුලත් කර ඇත. ශ්‍රිලංකාවේ තෙත් කලාපය, වියලි කලාපය සහ ශුෂ්ක කලාපයන්හි පැතිරී සිටින කොටියා වියලි සදාහරිත මෝසම් වනාන්තර ශුෂ්ක පැදුරු සහිත වනාන්තර මෙන්ම තෙත් අන්තර් වනාන්තර මෙන්ම කැලැ කුට්ටි, මධ්‍යම කදුකරයේ පිහිටි තණ බිම් සහ තේ වතු ආශ්‍රිතව වාසය කරනු ලැබේ. කහ පති දුබුරු වර්ණ , ලොම් සහිත සමකින් හා තද කළු තිත් සහිත ශ්‍රිලංකාවේ විශාලතම විලෝපිකයා වන අතර වනාන්තර විනාශ වීම හේතුවෙන් කොටි ගහනය අඩු වෙමින් පවතී. සාමාන්‍යයෙන් ශ්‍රිලංකාවේ වෙසෙන කොටියාගේ වර්ණය කහ පති දුබුරු වර්ණ සහිත වුවත් කලාතුරකින් කළු වර්ණයෙන් යුත් කොටි දැක ගැනීමට හැකි වේ.

Panthera pardus kotiya

මෙරට ජිවත් වන Panthera pardus kotiya උප විශේෂයන්හි වර්ණ ප්‍රබෙදයකින් බිහිවන කළු කොටිය වෙනත් උප විශේෂයක් හෝ වද වී ගිය සත්වයෙකු හෝ නොවේ. ඔවුන් ජිවත් වන පරිසරයේ පවත්නා අදුරු ස්වබාවය හා අඩු උෂ්ණත්වය අනුව මෙලෙස වර්ණ ප්‍රබෙදයක් ඇති වී ඇත. මෙවැනි කළු කොටි ඝර්ම කලාපිය වැසි වනාන්තර වල දී දකින්නට ලැබෙන්නේ පාරසරික හේතුන් මත ඔවුන්ගේ වර්ණ ප්‍රභේදයන් වෙනසකට ලක් වීමෙනි.
මෙවැනි කළු කොටියකු වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පශු ව්‍යිද්‍යවරයෙකු වන මාලක අබේවර්ධන සහ පශු වය්ද්‍යා මනෝජ් අකලංක විසින් සිදු කරනු ලබන පර්යේෂණයකදී මධ්‍යම කදුකරයෙන් වාර්තා වී ඇත. මෙය ශ්‍රිලංකාවේ දී සජීවී ව කළු කොටියෙකු දකින්නට ලැබුණු පළමු අවස්ථාව වේ.

මෙයට පෙර සිංහරාජ අඩවිය අශ්‍රිතව මිය ගිය කළු කොටි කිහිප දෙනෙකුගේ මල සිරුරු වරින් වර හමු වී ඇත. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මිය ගොස් සිටි මේ කළු කොටියන්ගේත් , උගුලකට හසු ව මිය ගිය කොටියාගේ සම සංරක්ෂණය කර කළු කොටි අනුරුවක් සකස් කර ගිරිතලේ වනජීවී කෞතුකාගාරයෙහි තැන්පත් කර ඇත. මෙලෙස කළු කොටියාගේ වර්ණ ප්‍රභේදයක් නිලින ජන ප්‍රමුඛ වීම හේතුවෙන් බිහිවන මෙවැනි කළු කොටි තවදුරටත් සජීවී ජනයන් ලෙස මෙරට පවතිනු ඇති විශ්වාස කෙරේ.

කොටින් යනු දැඩි ලෙස ආරක්‌ෂිත සත්ත්ව කාණ්‌ඩයට අයත් සත්ත්වයෙකි. වනසත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනතේ ෂෂ උප ලේඛනයට අනුව දැඩි ලෙස ආරක්‌ෂිත ක්‌ෂීරපායි සතුන් හා උරගයන්ගේ නාම ලේඛනයට කොටියා ද ඇතුළත් කර ඇත. මෙසේ ආරක්‌ෂිත ක්‌ෂීරපායින් ලෙස ලැයිස්‌තුගත කර ඇත්තේ විවිධ මානව බලපෑම් හේතුවෙන් මෙබඳු සත්ත්වයන්ගේ ජීවිතයට තර්ජන එල්ල වීම වළක්‌වා ලමින් ඔවුන්ගේ පැවැත්ම තහවුරු කරනු පිණිස ය. එබැවින් මෙවැනි ජීවී සතකු තබා අජීවී, මිය ගිය සතකුගේ කොටසක්‌ හෝ ළඟ තබාගැනීම (සම්, දත්, නිය), සොබාවික වාසස්‌ථානයන්ට හානි පැමිණවීම ද`ඩුවම් ලැබිය හැකි වරදක්‌ බව ද සහිපත් කළ යුතු ම ය. වනජීවී රක්‌ෂිත ඇසුරේ සුරක්‌ෂිත ව නිදහසේ දිවි ගෙවන සත්ත්වයන්ගේ ආරක්‌ෂාව වෙනුවෙන් වනසත්ත්ව හා වෘක්‌ෂලතා ආරක්‌ෂක ආඥා පනත බලාත්මක වන බවත් සිහි කටයුතු ය.

එනම් සියලු වනසතුන් ආරක්‌ෂා කරමින් අනාගතයට දායාද කිරීම සඳහා පුරවැසියකු ලෙස ස්‌වකීය දායකත්වය ලබා දීම ඔබ සතු යුතුකමක්‌ සේ ම වගකීමක්‌ බවත් සිහි කටයුතු ය.

දැනුමට වැඩි යමක්

 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *