nIDAHAS DINA 2020

අභිමානවත් 72 වැනි නිදහස

අභිමානවත් 72 වෙනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රෙය්දී අද (4) පෙරවරු 8ට පැවැත්වේ.

‘සුරක්ෂිත දේශයක්- සෞභාග්‍යවත් රටක්‘ තේමාව කරගනිමින් මෙවර නිදහස් දිනය අතිඋත්කර්ෂවත් අයුරින් සංවිධාන කර ඇත.

මෙවර නිදහස් සමරු උළෙල වසර 15කට පසු නිදහස් චතුරශ්‍රයේ පැවැත්වීම විශේෂත්වකි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැළයක් සිටුවා නිදහස් දින උළෙල අරුථවත් කිරීමට නියමිතය.

නිදහස් සමරු උළෙලට මෙවර 3500ක පමණ පිරිසක් ආරාධනා ලැබ පැමිණෙන අතර, ජනාධිපතිවරයා, අගමැතිවරයා මැති ඇමැතිවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විදෙස් තානාපතිවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් වෙති. රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරල් ඔලෙන් සල්යුකෙට් මහතා සහභාගීවීම ද විශේෂත්වයකි.

අභිමානවත් ති‍්‍රවිධ හමුදා උත්තමාචාර පෙළපාළියකින් හා විචිත‍්‍රවත් සංස්කෘතික අංගවලින් එය අලංකාර වනු ඇත. ති‍්‍රවිධ හමුදා පෙළපාළිය සඳහා යුද හමුදා භටයන් 4,325 ක් ද නාවික හමුදා භටයන් 868 ක් ද ගුවන් හමුදා භටයන් 815ක් ද සහභාගිවීමට නියමිතය.

පොලිස් නිලධාරීන් 1,382දෙනෙකු ද උත්තමාචාර පෙළපාළියට සහභාගී වනු අතර සිවිල් ආරක්‍ෂක නිලධාරීන් 515 දෙනෙකු හා ශිෂ්‍ය භටයන් 355 දෙනෙකු ද උත්තමාචාර පෙළපාළියට සහභාගිවීමට නියමිතය.

 චමීර ඇල්ලදෙණිය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *