ගුරුගෙදර ඔන්ලයින් අධ්‍යාපනය

ගුරුගෙදර ලෙසින් හදුන්වන්නේ ශ්‍රීලංකාව තුළ ක්‍රියාත්මක වන අධ්‍යාපනය ලබාගන්නා වූ ඔන්ලයින් අධ්‍යාපන සේවාවකි. මෙහි ප්‍රධානතම නිර්මාණය ගුරුගෙදර ලෙසින් හදුන්වන වෙබ් මුහුණතයි. මෙහි ඉංග්‍රීසි නාමය GURUGEDARA ද සිංහල නාමය (ගුරුගෙදර) වේ. ශිල්ප සාස්ත්‍රය ලබා දෙන්නා, යන නාමය මෙහි ගැබ්වී ඇත. ගුරුගෙදර මෙම සියලුම අධ්‍යාපනික වැඩසටහන් ඔබ හමුවේ ලබාදෙනුයේ මුදල් අයකිරීමකින් තොරවය. ගුරුගෙදර සංකල්පය 2012 වර්ෂයේ බිහිව මේ වන විට ඉතා උසස් මට්ටමකට පත්ව ඇත. පාසල් සිසුන්ගේ මනා සහභාගිත්වයත් , පාසල් ගුරුවරුන්ගේ මනා දායකත්වයත් , විශ්ව විද්‍යාල මට්ටමේ පිරිසගේ පැසසීමට ලක්වීමත් හේතුවෙන් අද වන විට ශ්‍රීලංකාව තුළ ඉතා උසස් අධ්‍යාපන වෙබ් අඩවියක් ඔබ හමුවට ගෙන ඒමට හැකි වී තිබේ.

ගුරුගෙදර

ගුරුගෙදර මගින් අපොස සාමාන්‍ය පෙළ පාඩම් මාලාවන් , අපොස උසස් පෙළ පාඩම් මාලාවන් , තොරතුරු තාක්ෂණ පාඩම් මාලාවන්, ඉංග්‍රීසි විෂයට සමගාමී ක්‍රියාකාරකම් , කාලීන සංවාදාත්මක ලිපි මාලාවන් , මතකය පිළිබද දුර්වලතාවයන් මග හරවා ගැනීමට උපදෙස් , විනෝදාස්වාදය රසවින්දනය එකම දෝතකට ගන්න පුස්තකාල වරම් , ඔබගේ නිර්මාණයන්ට අවස්ථාවක් දීම සදහා ඔබගේ වෙබ් අඩවියන් සදහා බ්ලොග් කියවීම සදහා අමතර පිටුවක්, ප්‍රශ්නෝත්තර සංග්‍රහයක් , රැකියා අපේක්ෂාවෙන් සිටින්නන් හට රැකියා අවස්ථා හිමිකරගැනීමට මහගු තෝතැන්නක් ලෙසත් සේවා සැපයීමට ගුරුගෙදර වෙබ් අඩවිය සැදී පැහැදී සිටියි.

මෙම සේවාව වෙත අධ්‍යාපන ශේත්‍රය සම්බන්ධ ඕනෑම තොරතුරක් ඕනෑම පුද්ගලයෙකු හට ලබා දිය හැකිය . අධ්‍යාපන පාඩම් මාලාවන් , අධ්‍යාපනික සේයා පටල , ටියුෂන් පන්ති, ටියුෂන් ගුරුවරු සම්බන්ධ , සහ පාඨමාලා තොරතුරු අප වෙත ඔබට ලබා දීමෙන් සහයෝගයක් ලබා දිය හැකිය.

අපගේ Email – Sipsawiya@Gmail.com

Facebook Fan Page – https://www.facebook.com/sipsawiya

Facebook Group – https://www.facebook.com/Gurugedara.org

Youtube channel – https://www.youtube.com/channel/UCJ6saiWQ3TYq6ICYMUOtSKQ

Gurugedara Web Admin – Sandeepa Madushan Abeysinghe

Admin Facebook Profile – https://www.facebook.com/sandeepamadushan

Tel – 077 – 4088839

මෙම වෙබ් අඩවිය සම්බන්ධ ඔබට යම් කිසි හෝ ගැටළුවක් පවතී නම් ප්‍රධාන කතෘ සම්බන්ධ කර ගන්න. අප විසින් පැය 24 පුරාවටම ඔබට සේවය කිරීමට සැදී පැහැදී සිටි. මෙම වෙබ් අඩවියේ දීර්ග කාලින පැවැත්ම සදහා ඔබගේ වටිනා අදහස් උදහස් අප බලා පොරොත්තු වෙමි. එසේම අපගේ වෙබ් අඩවිය ප්‍රචාරය කිරීම සදහා ඔබගේ සහයෝගය අපේක්ෂා කරමි. ඔබගේ දැන්වීමක් අප විසින් පල කර දීමටද අප සුදානම් වී සිටි.

@@@@@@ එක්වන්න අප හා ලෝකය දිනන්න @@@@@@